Thursday, May 16, 2024

General line - 0115112241

යුක්‍රේන ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුවටත් දුක කියයි




යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතා තිබෙනවා. ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. රුසියානු ප්‍රහාරවලින් සිය රට ආරක්ෂා කර දෙන්නැයි යුක්‍රේන ජනාධිපතිවරයා එහිදී ඊශ්‍රායල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

යුක්‍රේන වැසියන්ද ජීවත්වීමට ආශා කරන බවත්, එහෙත් සිය අසල්වැසියන්ට අවශ්‍ය යුක්‍රේන වැසියන්ගේ මරණය බවත් යුක්‍රේන ජනාධිපතිවරයා ඊශ්‍රායල පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ලොව හොඳම ගුවන් ආරක්ෂන පද්ධතිය ඇත්තේ ඊශ්‍රායලයට බැවින් සිය රටට සහය දැක්විය හැක්කේ ඊශ්‍රායලයට බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ. 

එබැවින් යුක්‍රේන වැසියන්ගේ ජීවිත බේරා දෙන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ඊශ්‍රායල පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා. යුක්‍රේන ජනාධිපතිවරයා මීට පෙර යුරෝපා පාර්ලිමේන්තුව සහ අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ද වීඩියෝ තාක්ෂණය හරහා අමතනු ලැබුවා.

මේ අතර දරුණු ගැටුම් ක්‍රියාත්මක යුක්‍රේනයේ මරිපෝල් නගරයේ සිරවී සිටින සිවිල් වැසියන්ට නගරයෙන් ඉවත් වීම සදහා රුසියාව මානුෂිය කොරිඩෝවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ඔස්සේ මරිපෝල් වැසියන්ට අවශ්‍ය ආහාර හා ඖෂධ සැපයිය හැකියි.