රටතුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදාහැරීමේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය කාර්යාලවල ඇති රථවාහනවලට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් දෛනික කටයුතු සඳහා බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ.
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය කාර්යාලවල ඇති රථවාහනවලට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් වැඩිවශයෙන් බාධා එල්ල වී ඇත්තේ ලිපි බෙදාහැරීමේ කටයුතුවලට බව ද ඔහු සඳහන් කළා.
එබැවින් අවශ්‍ය ඉන්ධන තොග හිමිවන තෙක් ප්‍රාදේශීය මට්ටමෙන් ලිපිබෙදා හැරීමේ කටයුතු ප්‍රමාදවිය හැකි බවයි තැපැල්පති රංජිත් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේ.