Thursday, April 25, 2024

General line - 0115112241

ආදිවාසීහු දළදා වහන්සේට මී පැණි පූජා කරති




මහනුවර ඇසළ මංගල්‍ය නිමිති කරගනිමින් ආදිවාසීන් විසින් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදුකෙරෙන සාම්ප‍්‍රදායික මී පැණි පූජාව අද (13) පෙරවරුවේ සිදුකෙරුණා.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ප‍්‍රමුඛ කණ්ඩායමක් මෙම මී පැණි පූජාව සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

පසුව ආදිවාසී නායකයා මල්වතු විහාරයට පැමිණ මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ද බැහැදුටුවා.

2016 මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (13) රාත‍්‍රී වීථි සංචාරය කිරීමට නියමිතයි.

Image00001gini Image00002gini Image00003gini