Friday, May 17, 2024

General line - 0115112241

නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු ඉන්දියාවෙන් හමුවෙයි




කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වන එක්ස් ඊ වෛරස් ප්‍රභේදය ආසාදනයවූ බවට සැකකෙරෙන අයෙකු ඉන්දියාවෙන් පළමු වරට හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසනවා. එම වාර්තා පැවසුවේ මුම්බායි නගරයෙන් එම ආසාදිතයා හඳුනාගෙන ඇති බවයි. 

එලෙස නව ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගෙන ඇති පුද්ගලයා කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔහු විදෙස් සංචාරයකට එක්ව ඉන්දියාවට පැමිණි අයෙකු බව ද මුම්බායි සෞඛ්‍ය අංශ අනාවරණ කළා. කෙසේවෙතත් අදාළ පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ එක්ස් ඊ ප්‍රභේදය ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැති බවයි මුම්බායි බලධාරීන් පැවසුවේ. 

එක්ස් ඊ ප්‍රභේදය පළමු වරට හඳුනා ගැනුණේ බි්‍රතාන්‍යයෙන්. එම ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා වේගයෙන් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.