Friday, May 17, 2024

General line - 0115112241

රුසියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ, මහා මණ්ඩලයේ ඊයේ පැවති ඡන්ද විමසීමකදීයි. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 93 ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 24 ක් පමණයි. සාමාජික රටවල් 58 ක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබෙනවා. 

කිසියම් රටක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් නෙරපා හැරීමට නම් සාමාජිකයින් 193 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතර බලයකින් ඊට අදාළ යෝජනා සම්මත විය යුතුයි.

රුසියාවට එල්ලවී ඇති චෝදනාව වන්නේ යුක්‍රේන ආක්‍රමණයේදී මානව හිමිකම් කඩ කිරීමයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජ්‍ය තානාපතිවරයා පවසා ඇත්තේ මෙම තීරණය නීතිවිරෝධී සහ දේශපාලනික පියවරක් බවයි.