Thursday, May 16, 2024

General line - 0115112241

ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන දේශපාලන ඉනිම අවසන් වන ලකුණු




පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරි දින දෙකේදී සිය ධූරයෙන් ඉවත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, ඔහුට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාව වැළැක්වීමට ගත් පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟයි. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් කරන ලෙසයි.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමඟ ඉම්රාන් ඛාන්ගේ රජය වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් කැදවීමට පියවර ගත්තා. කෙසේවෙතත් කැදවූ මැතිවරණය ඉදිරියට පැවැත්විය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පසු ඉම්රාන් ඛාන් කැබිනට් මණ්ඩලය කැදවා ඇති අතර අද පස්වරුවේ ඔහු ජාතිය ඇමතීමට ද නියමිතයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ තමන් පාකිස්තානය වෙනුවෙන් අවසන් පන්දුව තෙක් දිගටම සටන් කරන බවයි.