Thursday, May 16, 2024

General line - 0115112241

සරණාගතයන්වත් කොල්ලකයි




ඇෆ්ගනිස්තානයේ සිට තම රටට පළා ආ සරණාගතයන් විශාල පිරිසක්  ඉරානය විසින් හරවා එවමින් ඇතැයි වාර්තාවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දින කිහිපය තුළ ඉරානයට පළා ගිය ඇෆ්ගන් වැසියන් 7500 ක් පමණ යළි සිය රටට පැමිණ ඇති බවයි.

 ඔවුන් අතරින් 5500ක් පමණම ඉරානය විසින් බලහත්කාරයෙන් ආපසු හරවා එවා ඇති බව සදහන්.

මෙසේ පැමිණෙන අතරවාරයේ තමන්ට ඉරානයේ සංවිධානාත්මක කණ්ඩායම් වෙතින් හිරිහැර විදින්නට සිදුවූ බව එම සරණාගතයන් අනාවරණය කර තිබෙනවා. 

ඒ අතර කොල්ලකෑම් මෙන්ම පහරදීම් ද වූ බවයි ඔවුන් මාධ්‍ය වෙත හෙළි කර ඇත්තේ.

ගැටුම්, ආර්ථික සහ සමාජ අස්ථාවරත්වය, විරැකියාව ආදිය හේතුවෙන් ඇෆ්ගනිස්තානුවන් දහස් ගණනින් ඉරානය වෙත පළායාම සිදුවනවා.