Friday, May 17, 2024

General line - 0115112241

මාර්ග ඉදිකිරීමෙන් ආර්ථිකය කඩාවැටුනු බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක් කියයි




වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ තමන් 2006 වසරේදී එවකට සිටි බලධාරීන් දැනුවත් කල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍ය මණ්ඩල ලේකම් වරයෙකු ද ලෙස කටයුතු කළ එස් අමරසේකර පවසනවා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

පැවැති රජයන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමග යවා ඇති බවයි  හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු වන එස් අමරසේකර පැවසුවේ. 

බදාදා දින රාත්‍රී 7.30 ට ප්‍රචාරය කෙරෙන නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි කර ගැණෙන්නේ දේශපාලනඥයින්. එහෙත් රට හමුවේ පවතින අර්බුදයට පාර්ලිමේන්තුවෙන් විසදුම් ලබාදෙන තෙක් දේශපාලනඥයින් එම වැඩසටහන සදහා එක් නොකර ගැනිමට නෙත් එෆ් එම් රේඩියෝව තීරණය කර තිබෙනවා.