Thursday, May 16, 2024

General line - 0115112241

අගමැති සමඟ ආණ්ඩුව දිගටම - ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තීරණයක්




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ, ඊට අදාළ යෝජනාවක් අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සම්මත වීමත් සමඟයි.

ආණ්ඩුවේ සියලු දෙනා එකට සිටිමින්, අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවි එහිදී මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇති අතර ගෑස්, විදුලි සහ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවද මන්ත්‍රීවරුන් මෙහිදී පවසා ඇති බවයි වාර්තා වන්නේ. මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත්තේ ගැටලු නොවිසදා විරෝධතා නතර කළ නොහැකි වනු ඇති බවයි.

මතුව ඇති අර්බුදවලට එක්ව මුහුණ දිය නොහැකි නම්, විපක්ෂයට යාම වඩාත් සුදුසු බව ද මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සඳහන් කර ඇති බවට ද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.