Sunday, May 12, 2024

General line - 0115112241

කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර තුනක් ගතවීම වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර මෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින් එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සිහිකර අද පෙරවරුවේ දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණා. එම සැමරුම සදහා සර්ව ආගමික නායකයින්ද එක්ව සිටියා. 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරය පෙරවරු 8 යි 45 ට එල්ල වූයේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයටයි. එම අවස්ථාව සිහිපත් කරමින් අද පෙරවරු 8 යි 45 ට කොච්චිකඩේ දේවස්තානයේදී සීනුව නාද කරමින් මියගිය පුද්ගලයින් සහ තුවාල ලැබූවන් සිහිපත් කෙරුණා.