Sunday, May 12, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - චීන අග්‍රාමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්




අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර චීන අගමැති Li Keqiang සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

දීර්ඝ කාලීන මිත්‍රත්වය සහ මෙම දුෂ්කර කාලවලදී මෙරටේ ජනතාවගේ ජීවනෝපායට බලපාන සමහර තීරණාත්මක අවශ්‍යතා සපුරාලීම සඳහා චීනය ලබා දුන් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා අගමැතිවරයා චීනයට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනය කණගාටු වන බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය ජීවනෝපාය ආධාර උපරිමයෙන් ලබාදීමට කැමැත්තෙන් සිටින බවත්, චීනඅග්‍රාමාත්‍ය Li Keqiang මහතා දුරකථන ඇමතුමේදී සඳහන් කර තිබෙනවා.