Saturday, May 11, 2024

General line - 0115112241

සීමිත දින ගණනකට ප්‍රමාණවත් ගෑස් තොග ලබන සතියේ දිවයිනට




ලබන සතියේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 7,200 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි පළමු තොගය වන මෙට්ට්‍රික් ටොන් 3,600 මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 26 වනදායි. ඒ අනුව ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමට සිදුවන්නේ ලබන 27 වනදා සිටයි. කෙසේවෙතත් ලිට්‍රෝ සමාගම මීට පෙර පැවසුවේ ලබන 25 වනදා දක්වා ගෑස් බෙදාහැරීම අත්හිටුවා ඇති බවයි. 

ලබන 26 වනදා මෙරටට පැමිණෙන නෞකාවේ ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණයි. තවත් මෙට්ට්‍රික් ටොන් 3,600 ක ගෑස් තොගයක් ලබන 27 වනදා ද මෙරටට පැමිණෙන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ. එම තොගය ද ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණයි. ඩොලර් ලබාදෙන්නේ නම් දින 03 කට වරක් ගෑස් ආනයනය කළ හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවා. 

ලිට්‍රෝ ගෑස් සමාගම ගතවූ වසරක කාලය තුළ රුපියල් කෝටි 2,000 ක පාඩුවක් ලබා ඇතැයි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඔහු කියා සිටියේ ලිට්‍රෝ ගෑස් සමාගමේ දෛනික පාඩුව මේවනවිට රුපියල් කෝටි 25 ක් බවයි.

මෙම පාඩුව හමුවේ තවදුරටත් සමාගම පවත්වාගෙන යා නොහැකි බව ද ඔහු පැවසුවා. පවතින තත්ත්වය සලකා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,500 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබුණද රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් ගෑස් මිල ඉහළ නොදමන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ.