Sunday, May 12, 2024

General line - 0115112241

IMF එනතුරු රට ගෙනියන්න ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 04 ක් සොයයි




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු කියා සිටියේ මෙම මුදල සොයා ගැනීම සඳහා මේවනවිට ද දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි. 

ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ද ඉදිරියේදී ආධාර හිමිවනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

කුමන ආධාර ලැබුණද, ආයෝජන කඩිනම් කර ගැනීම මේ මොහොතේ ඇති ප්‍රධාන අභියෝගය බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. 

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා අතරතුර අමෙරිකාවේ වොෂිංටන් නුවර සිට විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.