Thursday, May 16, 2024

General line - 0115112241

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි




දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර සහ දකුණු පළාත්වලත්, වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේදී ද තැනින් තැන වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකියි.