Friday, May 17, 2024

General line - 0115112241

විවාහ උත්සව ශාලා ගාස්තු සියයට 40 කින් ඉහළට




විවාහ මංගල උත්සව ශාලා ගාස්තු සියයට 40 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල කළුආරච්චි පැවසුවේ අදින් පසුව අලුතෙන් ලබා ගන්නා ඇණවුම් සඳහා අවම වශයෙන් මෙම මිල වැඩි කිරීම සිදුකෙරෙන බවයි.

මේ වන විට ලබාදී ඇති ඇණවුම් සඳහා සියයට 20 ක මිල වැඩි කිරීමක් සිදුකරන බවයි සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මෙලෙස මිල වැඩි කිරීමක් සිදු නොකළහොත් උත්සව ශාලා කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවයි උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන් පෙන්වා දෙන්නේ.