Thursday, May 16, 2024

General line - 0115112241

අන්තර්වාර ආණ්ඩුවකත් අගමැති මමයි - මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)




අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපති කළද අග්‍රමාත්‍යවරයා වන්නේ තමා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට මේ දක්වා තමාට කිසිදු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර නොමැති බවයි.

එමෙන්ම ගාලුමුවදොර අරගලයේ නිරත වන තරුණයින් සමඟ ඕනෑම මොහොතක සාකච්ඡා කිරීමට සූදානම් බවද අග්‍රාමාත මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔවුන් සාකච්ඡාවකට නොපැමිණෙන තාක්කල් අරගලය දිගටම පවතිනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. අග්‍රාමාත මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්තවයෙන් පසුවන බවත්, පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය. කෙසේවෙතත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ.

රටේ තත්ත්වය, අන්තර්වාර ආණ්ඩුව සහ ගාලුමුවදොර අරගලය සම්බන්ධයෙන් අග්‍රාමාත මහින්ද රාජපක්ෂ මහතා පළ කළ සම්පූර්ණ අදහස් ඇතුලත් වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුලත්.