Friday, May 17, 2024

General line - 0115112241

අඩු වියදම් කැන්ටින් පිහිටුවන්න අලුත් යෝජනාවක්




අඩු වියදමින් පවත්වාගෙන යා හැකි ආපන ශාලා දිවයින පුරා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම සංගමයේ සභාපති, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවේ ඉදිරියේදී මතුවිය හැකි ආහාර අර්බුදයට එක් විසදුමක් ලෙස මෙය යෝජනා කර ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළේ සූපවේදී සංගමය සමඟ එක්ව අඩු වියදමින් සහ පහසුවෙන් සකස් කර ගත හැකි ආහාර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද වැඩපිලිවෙලක් සකස් කර ඇති බවයි.

ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය මෙම යෝජනාව සිදුකර ඇත්තේ ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයින පුරා ආපනශාලාවලින් සියයට 30 ක් පමණ වැසී ගොස් ඇති පසුබිමකයි. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව මේ වන විට පසුවන්නේ දැඩි පීඩාකාරී තත්ත්වයකයි.