Monday, May 13, 2024

General line - 0115112241

අරලිය ගහ මන්දිරය ඉදිරිපිටත් විරෝධතාවක්




ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා විරෝධයට සහාය දැක්වීම සඳහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මෙම සංකේත වැඩවර්ජනයට දුම්රිය ප්‍රධාන වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති එක් වනු ඇති බවටයි වාර්තා පල වන්නේ. 

මේ අතර ගුරු සහ විදුහල්පතිවරුන් අද ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්තා කළේ නැහැ. ඒ හේතුවෙන් බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු නොවූ අතර දෙමාපියන් පැමිණ වෙලාසනින්ම දරුවන් නිවෙස් වෙත රැගෙන ගිය බවයි නෙක් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

අද සිදුකළ වර්ජනය සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මෙලෙස අදහස් පල කළා. 

මේ අතර රජයට විරෝධය පළ කරමින් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට රාජ්‍ය ආයතන වල සේවකයන්ගේ විරෝධතාවක් අද පැවැත්වුණා. ඒ සඳහා සෙත්සිරිපාය, සුහුරුපාය සහ සෙත්සිරිපාය පළවන සහ දෙවන අදියර වල රජයේ සේවක සේවිකාවන් විශාල පිරිසක් සහභාගි වී සිටියා. 

ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දෙන ලෙසත් වත්මන් ආණ්ඩුවට ඉවත් වන ලෙසත් ඉල්ලමින් ඔවුන් විරෝධතාවේ යෙදී තිබෙනවා. එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ 28 වැනි දින රජයට විරෝධය පළ කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

මේ අතර ජීවන වියදම ඉහළ යාම සහ වත්මන් ආණ්ඩුවට විරෝධය පල කරමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. කොළඹ ගාලු මුවදොර අරගලය මේ වන විටත් පැවැත්වෙන්නේ දාහත්වන දිනටයි. 

වත්මන් ආණ්ඩුවට එරෙහිව කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට ද කිසියම් පිරිසක් අද විරෝධතාවයේ නිරත වුණා. අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගයේ පොලිසියද යොදවා තිබෙනු දැකගත හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.