Monday, May 13, 2024

General line - 0115112241

ගෑස්, ඉන්ධන වලින් පසු අද සබන් ගන්නත් පෝලිම්

රවීන්ද්‍ර චන්ද්‍රලාල් /කමල් සුරවීර




පෝලිම්, අද වන විට මෙරට ජන ජීවිතයේ කොටසක් බවට පත් වී තිබෙනවා. පොහොර, ගෑස් මෙන්ම අද වන විටත් අවසන් වී නොමැති ඉන්දන පෝලිම්වලට අද තවත් පෝලිමක් එක් වුණා. ඒ, සබන් පෝලිමයි. 

නෙත් නිවුස් වාර්තාකරුවන් අද දවස පුරා දිවයිනේ ප්‍රදේශ රැසක සිදු කළ සංචාරයකදී දැක ගත හැකි වුණේ සබන් මිළ දී ගැනීම සඳහා දිගු පෝලිම් ඇති ආකාරයයි. ඇතැම් පිරිස් රුපියල් දෙදහස, තුන්දහස මෙන්ම පන්දහසද ඉක්මවා සබන් මිළදී ගෙන තිබුණා. 

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ සබන් මිළ ඉහළ යන බවට පැතිර යන ආරංචි හේතුවෙන්. මේ සබන් පෝලිමක සිට සාමාන්‍යයෙන් මිළදී ගන්නා ප්‍රමාණයට වඩා වැඩියෙන් සබන් මිළදී ගත් පුද්ගලයෙක්. 

මේ, ගාල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය පිළිබද වාර්තාවන් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්. 

මේ, මහනුවර තත්ත්වය පිළිබද වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර. 

මේ අතර බොහෝ ප්‍රදේශවල අදත් ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. එහෙත් මීට පෙර දිනවලට සාපේක්ෂව ඇතැම් ප්‍රදේශවල අද දිගු පෝලිම් දක්නට ලැබුණේ නැහැ.