Friday, May 17, 2024

General line - 0115112241

ඩොලරය වැඩිවී පාරිභෝගික අධිකාරියට උන්හිටි තැන් නැති කරයි




කිසිඳු පෙර දැනුම්දීමකින් හෝ අවසරයකින් තොරව මේ වනවිට පාරිභෝගික භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ඇතැම් භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජනතාව දැනගන්නේ ද එම භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැලට ගිය අවස්ථාවේදීයි. සහල්, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම සබන් සහ සිමෙන්ති ඊට ආසන්නතම උදාහරණයි. 

මීට පෙර භාණ්ඩ මිල ඉහළ ගිය අවස්ථාවලදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිට ඊට මැදිහත් වුණා. එහෙත්, දිගින් දිගටම වෙළඳපලේ භාණ්ඩ මිල ඉහළ යද්දී පාරිභෝගික අධිකාරිය නිහඬ ඇයිදැයි නෙත් නිවුස් ඔවුන්ගෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මේවනවිට වෙළඳපලේ කිසිඳු භාණ්ඩයක මිල පාලනයක් නොමැති බවයි. ඩොලරයේ අගය ඉහළ යාම හා ප්‍රවාහන වියදම් ඊට ප්‍රධාන හේතුවක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මෙලෙස වෙළඳපලට අවශ්‍ය පරිදි භාණ්ඩ මිල ඉහළ යන්නේ නම් ඊට මැදිහත්වීමට රජයට වගකීමක් නැද්ද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් ප්‍රශ්න කළා. 

 

නෙත් නිවුස් ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.