Friday, May 17, 2024

General line - 0115112241

ප්ලේන් ටි යේ සිට සියලු පිසූ ආහාර මිල යළි ඉහළ යන ලකුණු




ගෑස් මිල ඉහළ දැමීම හමුවේ තේ කෝප්පයක මෙන්ම සියළු පිසූ ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඉකුත් සතියේද බත් පාර්සලයක සහ කොත්තුවක මිල සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගත්තා. ඒ, ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේයි. 

මේ වන විට තේ කෝප්පයක මිල රුපියල් 30ක් සහ කිරි තේ එකක් රුපියල් 100ක් වනවා. බත් පාර්සලයක මිල පවතන්නේ රුපියල් 200 සිට ඉහළටයි. ලක්ෂ පහකට සෘජු හා වක්‍ර රැකියා සපයන ආහාර පාන කර්මාන්තය කඩාවැටීම වළක්වා ගැනීමට මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් සදහන් කළේ. ඉහළ දමන 

ගෑස් මිල ගණන් ඉහළ දැමීම හමුවේ ලිට්‍රෝ සමාගමද ජනතාව වෙනුවෙන් කැප කිරීම් සිදුකළ යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමුවේ රුපියල් 2,185 කින්. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4,860 ක්. කිලෝ ග්‍රෑම් 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,945 ක් දක්වා ඉහළ දැමුණා. කිලෝ ග්‍රෑම් 2 යි දශම 3 ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 910 ක්.