Friday, May 17, 2024

General line - 0115112241

සර්ව පාක්ෂික සමුළුව අදියර දෙකකින් පැවැත්වීමේ තීරණයක්




සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අදියර දෙකකින් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සිකුරාදා පෙරවරු 10යි 30ට ආණ්ඩුවේ හිටපු පක්ෂ නායකයින් සමඟ ජනාධිපති මන්දිරයේ දී සාකච්ඡා කිරීමටයි තීරණය වී ඇත්තේ. ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ නායකයින් සමඟ වෙනම සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත් එම සාකච්ඡාව ලබන සතියේ පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි පැවසුවේ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හෙට පස්වරු 04යි 30ට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා