Friday, May 17, 2024

General line - 0115112241

කුකුළු මස් සහ බිත්තර මිලත් ඉහළ යන ලකුණු




ඉදිරියේ දී බිත්තරයක මිල රුපියල් 45ක් දක්වා ඉහළ යා හැකි බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ බිත්තරයක නිශ්පාදන වියදම මේ වන විට රුපියල් 25ත් 31ත් අතර වීම ඊට හේතුව බවයි. 

මේ අතර ලබන ජුනි මාසය වන විට කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,500 ඉක්මවනු ඇති බවද මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ වැඩි දුරටත් සදහන් කළා.