Tuesday, May 21, 2024

General line - 0115112241

ගුවන් තොටුපොල පරිශ්‍රයේ පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයක් විවෘත කරන්න යයි




කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයක් අද විවෘත කිරීමට නියමිත බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම පරිශ්‍රයේ අවන්හලක් ඉදිරිපිට බහලුමක එම කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයෙකු වන විජය රත්නසේකර නමැත්තෙකුගේ මූලිකත්වයෙන්. 

රටේ වර්තමානයේ පවතින අර්බුද හමුවේ මෙවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම කටුනායක ගුවන්තොටුපොල නිලධාරීන් මෙන්ම සේවකයන්ගේද දැඩි විවේචනයට ලක්වී තිබෙනවා. 

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමට මෙවැනි දේ සිදු කිරීම නොව රට ගොඩනැගීම සදහා සියළු පාර්ශවයන්ගේ සහාය ලබාදිය යුතු බවයි.