Tuesday, May 21, 2024

General line - 0115112241

හෙට බස් හා දුම්රිය වැඩ බව දිලුම් පැවසුවත් අද රෑ සිට දුම්රිය වර්ජනයේ




දුම්රිය සහ බස් රථ හෙට දිනයේ ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. එම සේවාවන්වල කාර්්‍ය මණ්ඩල හෙට පැවැත්වීමට නියමිත වර්ජනයට එක් නොවන බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. 

කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ තමන් සැලසුම් කළ එක්දින සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි. මේ එම සන්ධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ. 

මේ අතර රට තුළ වර්තමානයේ පවතින අර්බුදවලට එරෙහිව අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති හෙට දිනයේ වැඩවර්ජනයක නිරත වනවා. ඊට ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයද එක් වන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පැවසුවේ. 

හෙට පැවැත්වෙන වැඩවර්ජනය සඳහා දහසකට අධික වෘත්තීය සමිති එක්වන බවයි අන්තර් සමාගම් සේවක සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ. මේ, එහි සභාපති වසන්ත සමරසිංහ.