Tuesday, May 21, 2024

General line - 0115112241

සාකච්ඡා සදහා අරගල භූමියට නොයෙන බව රජය කියයි




අඛණ්ඩව 19 වන දිනටත් පැවැත්වෙන ගාලු මුවදොර අරගල භූමියට අද දිනයේ ද විශාල පිරිසක් එක්ව සිටියා. ඊට වෘත්තීය සමිති මෙන්ම විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස්ද අයත්. අරගලයට එක් වූ කිහිපදෙනෙකු මෙලෙස අදහස් පල කළා. 

කෙසේවෙතත් අරගල භූමියට ගොස් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට කිසිසේත් රජය සූදානම් නැතැයි අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඔවුන්ගෙන් කණ්ඩායමක් පැමිණියහොත් සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. 

එහෙත් අරගලයේ සැබෑ අරුත වටහා ගැනීම සඳහා දේශපානඥයන් අරගල භූමියට පැමිණිය යුතු බවයි ප්‍රියනාත් ජයසූරිය ඉකුත්දා පෙන්වා දුන්නේ.