Tuesday, May 7, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමයි : අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්




බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසලදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මාර්ග බාධක බිඳ දමමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ කිරීම හේතුවෙන්. 

කෙසේවෙතත් එය පාලනය කිරීමට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය පොලීසිය විසින් වසා දැමූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර හෙට සහ අනිද්දා දිනවල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතා පැවැත්වෙන බව වාර්තා වන බැවින් ඒ තුලින් බාධා මතුවිය හැකි නිසා එම විරෝධතා අත්හිටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගත්තා. ඒ, අන්තර් විශ්වවිද්‍යාල ශීෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් බලහත්කාරයෙන් ඉසුරුපාය පරිශ්‍රයට ඇතුලුවීමත් සමඟයි.