Monday, May 6, 2024

General line - 0115112241

පොල්දූව මංසන්ධිය අසලදී අත්අඩංගුවට ගැනුණු පිරිසට අධිකරණයෙන් දුන් නියෝගය




පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරතව සිටියදී අත්අඩංගුවට ගැණුනු 13 දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කෙරේ. 

..........................................................................

අත්අඩංගුවට ගනු ලැබූ විරෝධතාකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට 

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරතව සිටියදී අත්අඩංගුවට ගැණුනු පිරිස මේ වන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. මාර්ගයේ ගමන් ගන්නා ජනතාව අපහසුතාවයට පත්කිරීම සහ වාහනවලට හානි කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවන් තිදෙනකු ඇතුලු පුද්ගලයින් 13 ක්.

මේ අතර එම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද අද සංවාදයට ලක් කෙරුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර.

ඔවුන් එලෙස අත්අඩංගුවට ගත්තේ කුමන පදනමකින්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එහිදී ප්‍රශ්ණ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ, ඊට ප්‍රතිචාර දරක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

මේ අතර පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී පුද්ගලයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් මහරගම පොලිස් ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වුණා. මේ හේතුවෙන් මහරගම පොලිස් ස්ථානය ඉදිරිපිට ආරක්ෂාව තර කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.