Friday, May 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ රහස් ජන්දයක්




නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ රහස් ජන්දයක් පවත්වනු ලබනවා. ඒ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනා වීමත් සමගයි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටියගේ නම මන්ත්‍රී නිමල් සිරිපාල විසින් යෝජනා කරනු ලැබූ අතර මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත විසින් ස්ථිර කරනු ලැබුවා.

මේ අතර සමගි ජනබල වේගය පක්ෂටේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කරනු ලැබූ අතර, මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල විසින් එය ස්ථිර කරන ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම යෝජනා කරනු ලැබූ රංජිත් සියඹලාපිටිය සඳහා ආණ්ඩු පක්ෂයේ විසින් සහය දක්වනු ලබන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පිරිස් විසින් සඳහන් කර සිටියා.