Friday, May 17, 2024

General line - 0115112241

හෙට දුම්රිය ධාවනය ගැන විශේෂ නිවේදනයක්




හෙට දිනයේ හර්තාල් ව්‍යාපාරයක් සංවිධාන කර තිබුණද දුම්රිය ධාවනයට ඉන් බාධාවක් ඇති නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද තහවුරු කළා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් හෙට දිනයේ සේවයට වාර්තා කරන බව දන්වා ඇති බවයි. 

කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ පැවසුවේ හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බවයි 

කෙසේවෙතත් හෙට දිනයේ දුම්රිය 275 කට වැඩි ප්‍රමාණයක් ධාවනය වීමට නියමිත බවත්, දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න පැවසවා.

මේ අතර ආණ්ඩුවට එරෙහි රට පුරා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහභාගි වීමට වෘත්තිය සමිති රැසක් මේ වන විටත් එකඟතාව පළ කර තිබෙනවා.