Friday, May 17, 2024

General line - 0115112241

නව නියෝජ්‍ය කතානායක ධුරයට රංජිත් සියඹලාපිටිය වැඩි ජන්දයෙන් පත්වෙයි




පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා වැඩි ජන්ද 83කින් තෝරා පත් කර ගනු ලැබුවා. ඒ අද පැවති රහස් ජන්දයකින්.

රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ජන්ද 148ක් ද සමගී ජනබල වේගය පක්ෂයෙන් නම් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර්ට ජන්ද 65ක් ලැබී තිබුණා.

අවලංගු වූ ජන්ද සංඛ්‍යාව 03ක් අතර විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ජන්දය ලබාදෙන අවස්ථාවේදී සභාවේ නොසිටියා.

නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඡන්ද විමසීම පැවැත්වුණේ පාර්ලිමේන්තුව අවට මාර්ගයන් අද දිනයේ වසා දමා තිබූ පසුබිමක් තුළයි. පොලීසිය පැවසුවේ විටින් විට පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා කාර්්‍යය මණ්ඩලවලට ගමන් කිරීමට බාධා ඇතිවන බවයි. 

ඒ අනුව මෙලෙස මාර්ග වසා තැබීමට තීරණය කළ බවයි පොලීසිය සදහන් කළේ. මේ හේතුවෙන් බත්තරමුල්ල සහ අවට මාර්ගවල අද පැවතියේ දැඩි රථ වාහන තදබධයක්. සතියේ දිනයක් වන අද දිනයේ පාසල් ළමුන් මෙන්ම කාර්යාල සේවකයන්ද දැඩි ලෙස අපහසුතාවට පත් වුණා.  

පාර්ලිමේන්තුව අවට මාර්ගයන් හෙට දිනයේද වසා තැබෙනවා. එලෙස වසා දැමෙන්නේ දියත උයන පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් ඇති පාර්ලිමේන්තු මාර්ගයයි. පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයන් ද හෙට වසා තැබෙනු ඇති. 

විකල්ප මාර්ග නොමැති එම සීමාව තුළ පදිංචි ජනතාවට අනන්‍යතාවය තහවුරු කර ගමන් කිරීමට හැකි බවයි පොලීසිය පැවසුවේ.