Friday, May 17, 2024

General line - 0115112241

ගුවන් තොටුපොළේ VIP මගී නිෂ්කාශන කටයුතු හෙට සිට අත්හිටුවයි




හෙට සිට ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේ සහ සේද මාවත මගී නිෂ්කාශන කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස්කර නිශ්චිත විසඳුම් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව සියලු ගුවන්තොටුපොළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි (VIP) ආගමන විගමන රාජකාරී කටයුතු හා විශේෂ සත්කාර මගීන් සඳහා වන සේද මාවත (CIP) මගී නිෂ්කශන කටයුතුවලින් හෙට සිට ආගමන විගමන නිලධාරීන් ඉවත්වනු ඇත.