Friday, May 17, 2024

General line - 0115112241

මාදිවෙල මන්ත්‍රී නිවාසවලට යන මාර්ගය ජනතාව විසින් අවහිර කරයි




මාදිවෙල මන්ත්‍රී නිවාස වෙත යන මාර්ගය ජනතාව විසින් අවහිර කර තිබෙනවා.

ඒ අනුව මාදිවෙල මන්ත්‍රී නිවාසවල සිට කිඹුලාඇළ දක්වා මාර්ගය මේ වන විට රථවාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පිටකෝට්ටේ හංදියේ සිට තලවතුගොඩ දෙසට හා පැලවත්ත දෙසට වාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුවත් කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි කිසිදු බාධාවකින් තොරව සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසවනවා. එහි සභාපති ආචාර්ය ප්‍රසන්න ජයමාන්න පැවසුවේ වරාය සේවකයින් සුපුරුදු පරිදි සිය මෙහෙයුම් සිදු කරමින් ඇති බවයි.