Friday, May 17, 2024

General line - 0115112241

භූමිතෙල් නිකුත් කිරීමේ උපරිම සීමාවක් පැනවේ




භූමිතෙල් නිකුත් කිරීමේදී එක් පාරිභෝගිකයෙකු සඳහා දිනකට නිකුත් කළ හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ලීටර 5ක් බව දන්වමින් අද විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරුණා. ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කාර්යාංශය විසින්. 

මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ බැරල් හා බූලිවලට ඉන්ධන නිකුත් නොකළ යුතු බවට මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයට අමතරවයි. 

ඒ අනුව ධීවර කර්මාන්තයේ නියැළී සිටින පාරිභෝගිකයින් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක් මත පාරිභෝගිකයින්ව හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වන භූමිතෙල් නිකුත් කළ හැකි වනවා. එසේ නොමැතිව ඉන්ධන පිරවුම්හල් වෙතින් භූමිතෙල් නිකුත් කිරීමට මින් පසු අවසර හිමිවන්නේ නැහැ.