Friday, May 17, 2024

General line - 0115112241

සජබ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරයි




පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සෙංකෝලය රැගෙන යාමට උත්සහ දරා තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ සෙංකෝලය ආරක්ෂා කිරීමට යාමේදී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හා නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න බිම ඇද වැටී ඇති බවයි.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සෙංකෝලය උදුරා ගැනීමට උත්සහ දැරීමත් සමඟ එය ඔහුගෙන් බේරා ගැනීමට යාමේදී වේත්‍රධාරීවරයා බිම ඇද වැටී තිබෙනවා.

ඒ අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද වේත්‍රධාරීවරයා ව තල්ලු කර ඇති අතර එහිදී සෙංකෝලය ද සමඟ ඔහු බිම ඇද වැටී තිබුණා. එහිදී සෙංකෝලය බේරාගෙන ඇත්තේ නියෝජ්‍ය වේත්‍රධාරීවරයාගේ ද සහයෙන්.