Friday, May 17, 2024

General line - 0115112241

නියෝජ්‍ය කතානායක යළි ඉල්ලා අස්වෙයි




නියෝජ්‍ය කතානායකවරයා ලෙස ඊයේ දිනයේ දී තේරී පත්වූ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි සඳහන් කර සිටින්නේ.

පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ පැවති රහස් ජන්දයෙන් රංජිත් සියඹලාපිටිය ජන්ද 148ක් ලැබූ අතර, සමගී ජනබල වේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ ඉම්තියාස් බාකීර් මාකර්ට ජන්ද 65ක් හිමිවිය.