Friday, May 17, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට ජනපති හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි




ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. 

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය පැනවූ බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. 

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන යටතේ මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.