Friday, May 17, 2024

General line - 0115112241

ලබන 11 වනදා සිට අඛණ්ඩ හර්තාලයකට වෘත්තීය සමිති සැරසෙයි




රටේ අර්බුදයට විසදුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ලබන සතියේ යළි හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. 

එහි සම කැඳවුම්කරු රවී කුමුදේෂ් පැවසුවේ ලබන 11 වනදා මීළඟ හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊයේ දින මෙන් නොව එම හර්තාලය අර්බුදයට විසදුමක් ලැබෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවා.

සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, කර්මාන්ත ඇතුලු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති 2,000 ක් පමණ ඊයේ දවස පුරා ක්‍රියාත්මක කළ හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිටියා. 

පාසැල්, විදුලි, බැංකු, තැපැල්, පරිපාලන, ආයෝජන ප්‍රවර්ධන කලාප ඇතුලු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ද මෙම හර්තාලයට එක්වුණා. එමෙන්ම හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව නගරවලට රැස්ව සිය විරෝධය පළ කළා.