Friday, May 17, 2024

General line - 0115112241

හර්තාල් ව්‍යාපාරයෙන් පසු පොදු ප්‍රවාහන සේවා නැවතත් සාමාන්‍ය අතට




හර්තාල් ව්‍යාපාරය අද උදෑසන අවසන් වීමෙන් පසු සාමාන්‍ය පරිදි අද දිනයේ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ඊයේ දිනයේද බස් රථ 4,000 කට වැඩි සංඛ්‍යාවක් ධාවනයට සැලසුම් කර තිබූ බවයි.

හර්තාලය ක්‍රියාත්මකවූ ඊයේ දිනයේ දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බවට දුම්රිය බලධාරීන් පැවසුවද, ඊයේ දිනයේ දුම්රිය ධාවනය සිදුවූයේ නැහැ. මේ හේතුවෙන් බලධාරීන්ගේ ප්‍රකාශය විශ්වාස කරමින් පැමිණි ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවකටයි. ඒ අනුව අද දිනයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ඊයේ ක්‍රියාත්මක වූ හර්තාලය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය වූයේ ද සීමා සහිතවයි. කෙසේවෙතත් අද දිනයේ අන්තර් පළාත් දුර ගමන් බස් රථ සේවා නිසි පරිදි ධාවනය වන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සඳහන් කළේ.