Friday, May 17, 2024

General line - 0115112241

LIOC ලිහිසි තෙල් ලිටරයක මිල රු 140 කින් ඉහළ දමයි : වාහන වලට සිමාවකින් තොරව පෙට්ට්‍රල් ඉන්ධන නිකුත් කරයි

රංජිත් රාජපක්ෂ - හැටන් 




අයි.ඕ.සි සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් වල ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සෑම ලිහිසි තෙල් ලිටරයකම මිල රු 140 කින් ඉහල දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රු 860 කට අලෙවි කර තිබු ලිහිසි තෙල් ලීටරයක නව මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.

අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල සිමාවකින් තොරව ඉන්ධන නිකුත් කරන අතර, හැටන් ඉන්ධන පිරවුම්හලට ඩිසල් තොග නොලැබුණු බවත් පෙට්ට්‍රල්  ඉන්ධන අවශ්‍ය තරම් ඇති බවයි ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වල ලිහිසි තෙල් මිල ඉහල දමා නොමැති අතර,සිපෙට්කෝ පාලන අධිකාරිය විසින් ඊයේ (06) දින  ලබාදුන් උපදෙස් අනුව පෙට්ට්‍රල් ඉන්ධන පාරිභෝගිකයන්ට නිකුත් කරන බවත්, මිල වැඩි විමත් සමග පාරිභෝගිකයන් එම උපරිම මිලට ඉන්ධන මිල දි නොගන්නා බවයි හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් කියා සිටියේ.

හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ අද දින ඩිසල් ලබා ගැනිමට වාහන කිහිපයක් එම ඉන්ධන පිරවුම්හල අසල ගාල් කර තිබුණද එම ඉන්ධන පිරවුම්හලට මෙතෙක් ඩිසල් ඉන්ධන තොග නොලැබුණු බවයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටියේ.