Friday, May 17, 2024

General line - 0115112241

කෙටි දුර සේවා බස් ගමන් සීමා වෙයි : ඉන්ධන සහ ගෑස් නොමැතිව ජනතාව විරෝධතාවයේ




අද සිට කෙටි ගමන් සේවා බස්රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන අර්බුදය හේතුවෙන් බස්රථ කර්මාන්තය මේවනවිට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි. 

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල අද දිනයේ ද දිගු පෝළිම් දක්නට ලැබුවා. ගෑස් ලබාදෙන ලෙස ඉල්ලමින් කොට්ටාව - බොරැල්ල ප්‍රධාන මාර්ගය පැලවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් විරෝධතාවයේ නිතර වනවා. 

ඊට අමතරව කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ මංසන්ධියේ ද ගෑස් ඉල්ලා අද උදෑසන පිරිසක් විරෝධතාවයේ නිරත වි සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.