Friday, May 17, 2024

General line - 0115112241

රට තුළ පවතින අර්බුදවලට හදිසි නීතිය පැනවීම විසඳුමක් නොවෙයි - විපක්ෂ නායකවරයා කියයි




හදිසි නීතිය පැනවීම රට තුළ පවතින අර්බුදවලට විසඳුමක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළා. එමගින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ අර්බුද නිමාවීමට නම් ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි. 

මේ අතර හදිසි නිතිය පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද නෙත් නිවුස් වෙත සිය ස්ථාවරය ප්‍රකාශ කළා. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පැවසුවේ හදිසි නීතිය පැනවීමට මෙම අවස්ථාවේදී කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි. 

විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් හදිසි නීතිය භාවිත කිරීම සාධාරණ නොවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.