Friday, May 17, 2024

General line - 0115112241

අරගලකරුවන්ට නීතිඥවරුන් ගෙන් පණිවුඩයක්




විරෝධතා හා උද්ඝෝෂණ සාමකාමීව හා නීතිය කඩනොවන අයුරින් පැවැත්වීමට විරෝධතාකරුවන් කටයුතු කළ යුතු බව නීතිවේදීන් පෙන්වා දෙනවා. සාමය කඩවන අයුරින් කටයුතු කළහොත් විරෝධතා විසුරුවා හැරීමට මෙන්ම විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමට, පවතින හදිසි නීතිය යටතේ  පොලීසියට මෙන්ම හමුදාවට ද බලය පවතින බවයි ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවේ. 

ඊයේ දිනයේ වාර්තා වූ ඇතැම් විරෝධතා හා උද්ඝෝෂණ හදිසි නීතිය පැනවීමට හේතුවක් වන්නට ඇති බවයි ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පැවැත්වෙන ජන අරගලයේ 29 වන දිනය අදයි. අද දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ රැසකින් විරෝධතාකරුවන් එම ස්ථානයට රැස්ව විරෝධතාවයේ නිරතව සිටින බව නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා.  

ගාලුමුවදොර අරගල භූමියට එක්ව සිටින පාර්ශව කිහිපයක් හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ, අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ.

අරගල භූමියට පැමිණ සිටි නීතීඥ සුනිල් වටගල ද මෙහිදී අදහස් පළ කළා. 

මේ, අරගල භූමියේ පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන රතිඳු සේනාරත්න. 

මීට අමතරව අරලියගහ මන්දිරයට ඉදිරිපිට දී සහ දිවයිනේ තවත් ස්ථාන කිහිපයකදීම ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව අද දිනයේදී ද විරෝධතා පැවැත්වෙනවා.