Friday, May 17, 2024

General line - 0115112241

හදිසි නීතිය පැනවීම ගැන ජනතාවට හේතු දක්වන්නැයි නීතීඥ සංගමය සහ මානව හිමිකම් කොමිසම ජනපතිට කියයි




මහජන විරෝධතා සහ වැඩවර්ජන ඇතුළු රට තුළ උද්ගතවී ඇති වත්මන් අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා හදිසි නීතිය ප්‍රකාශ කිරීම විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි.  

මේ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු පැවසුවේ හදිසි නීතිය ඉවත් කර ගන්නා ලෙස සිය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. 

හදිසි නීතිය පැනවීම මගින් ලබාදෙන පණිවිඩය රට තුළදී මෙන්ම ජාත්‍යන්තරය තුළදී ද මෙරට ආර්ථිකය සඳහා යහපත් බලපෑමක් එල්ල නොකරනු ඇති බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.