Friday, May 17, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දෙන බව නිදහස් පක්ෂයත් කියයි




ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. එම මන්ත්‍රි කණ්ඩායමේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් එකගතාවකට පැමිණි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සඳහන් කළේ. 

මේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර. 

ආණ්ඩුවට එරෙහි එම විශ්වාසභංග යෝජනාව සමගි ජනබලවේගය ඉකුත් 03 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දුන්නා. ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ගනු ලැබූ තීරණයකට අනුවයි.