Friday, May 17, 2024

General line - 0115112241

අග්‍රාමාත්‍යධූරය භාරගන්න - ජනපති විපක්ෂනායකට දුරකථනයෙන් දැනුම්දෙයි




අග්‍රාමාත්‍යධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් අද ඉල්ලීමක් කර තිබෙනවා. 

විපක්ෂ නායකවරයා වෙත අද පෙරවරුවේ දුරකථන ඇමතුමක් ලබාදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රට තුළ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය භාරගෙන එහි කටයුතු සිදුකර ගෙන යන ලෙසයි. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවයි විපක්ෂ නායකවරයා එහිදී ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ. 

පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයේ අත්සනින් යුතු යෝජනාවක් සම්මත කර තමන් වෙත දැනුම්දෙන ලෙසයි එහිදී ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයා වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ.