Sunday, May 19, 2024

General line - 0115112241

ජනතාවගේ දරිද්‍රතාවය සිය දේශපාලනයේ අවියක් ලෙස භාවිත කරන බව මාර්තු 12 ව්‍යාපාරය කියයි




අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවයන්ට පහරදීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් පැමිණි බවයි වාර්තා වුණේ. 

එලෙස පැමිණි පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු පැමිණ ඇත්තේ දේශපාලන නායකයින් ලබාදෙන වරදාන සහ වරප්‍රසාද හේතුවෙන් බවයි  නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.  

මෙම සිදුවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් මාර්තු 12 ව්‍යාපාරයෙන් විමසීමක් කළා.  එහි කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඒ හරහා පිළිඹිබු වන්නේ දේශපාලන නායකයින් මෙරට ජනතාවගේ දරිද්‍රතාවය සිය දේශපාලනයේ අවියක් ලෙස භාවිත කරන බවයි.