Tuesday, May 21, 2024

General line - 0115112241

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 22ක් ගැන නීතිපතිගෙන් උපදෙස්




පසුගියදා කොල්ලුපිටිය "මයිනා ගෝ ගම" සහ ගාලුමෝදර "ගෝඨා ගෝ ගම" යන අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22ක ගේ ප්‍රකාශ සටහන් කරගෙන සාක්ෂි ඇතිනම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි වාර්තා වෙනවා.

නීතිපති දෙපාර්ථමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ වල උදෘත තම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවයි.

එම උදෘත විමර්ශනයට ලක් කිරීමේදී මෙම පුද්ගලයින් අදාළ අපරාධය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති බවත් ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇති බවත් වාර්තාවෙනවා

මෙම පිරිස අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු,, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මහින්ද කහදගම, ඩෑන් ප්‍රියසාද් , ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය ද ඇතුළත්ව සිටින බව වාර්තා වෙනවා. 

මෙම පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කොට ප්‍රකාශ සටහන් කර ගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කළ උපදෙස් වල සඳහන් වන බවද වාර්තා වෙනවා.