Monday, May 13, 2024

General line - 0115112241

මෙවර අයි පී එල් තරගාවලියේ වැඩිම සම්මාන බට්ලර්ට




ඊයේ නිමාවට පත් වූ 2022 අයි පී එල් තරගාවලියේ වැඩිම සම්මාන ගණනක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් සමත් වුණා. 

ඒ අනුව මෙවර තරගාවලියේ වීරයා සම්මාන, වැඩිම ලකුණු ලාභියා, වැඩිම හයේ පහර සහ හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා, තරග වෙනස් කරන ක්‍රීඩකයා යන සම්මාන සියල්ලම හිමි වුණේ ජොස් බට්ලර්ටයි. මෙවර අයි පී එල් තරගාවලියේ තරග 17 කට ක්‍රීඩාකරමින් ජොස් බට්ලර් රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 863 ක්. ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් ඊට ඇතුළත් වුණා. තරගාවලිය පුරා බට්ලර් සිය පිත්තෙන් හයේ පහර 45 ක් සහ හතරේ පහර 83 ක් එල්ල කර තිබෙනවා. 

මෙවර තරගාවලියේ වැඩිම කඩුළුලාභියා වූයේ යුස්වේන්ද්‍ර චහල්. තරග 27කදි ඔහු විසින් බිද දැමූ කඩුළු ගණන 17 ක්. තරග 26කදී කඩුළු 16 ක් දවා ගත් වනිදු හසරංගට එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි වුණා.