Friday, May 17, 2024

General line - 0115112241

යුද්ධය දින 100 ට ලං වෙයි - යුක්‍රේනයේ 05 න් එකක් රුසියාවට




යුක්‍රේන භූමියෙන් සියයට 20 ක් එනම් 5 න් එකක් මේ වන විට රුසියාව සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. ඒ, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය දින 100 යේ සීමාවට ළඟාවී ඇති පසුබිමකයි. 

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් ස්ලෙනෙස්කි පවසන්නේ ඉදිරිපෙළ සටන් කිලෝමීටර් දහසකට වඩා දිගු බවයි. රුසියානු හමුදාවන්ට එරෙහිව අඛණ්ඩව සිය හමුදා සටන් වදිම්න සිටින බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. කෙසේවෙතත් යුධ විශ්ලේෂකයින් පවසන්නේ රුසියාව - යුක්‍රේනප ආක්‍රමණය දැන් නතර කළහොත් ඔවුන් යටතේ පවතින යුක්‍රේන භූමිය රුසියාවට අහිමි වන බවයි.

නොනවතින යුද්ධයක සිටින රුසියාව, යුක්‍රේනයේ නැගනහිර - ඩොන්බාස් ප්‍රදේශයේ නගරයකට මේ වන විටත් දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. එම නගරය තුළ ප්‍රහාරවලට මැදිව සිවිල් වැසියන් 15,000 ක් පමණ සිරවී සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක් රැඳී සිටින්නේ රසායනික කම්හලක් තුළයි.